හෝටලයක් බවට ප්‍රතිනිර්මාණය වූ  කාර්යාලය


Nintendo Co. හි කලින් පැවැති ප්‍රධාන කාර්යාලය, ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී Tadao Ando විසින් නිර්මාණය කරන ලද හෝටලයක් ලෙස න

.

Nintendo Co. හි කලින් පැවැති ප්‍රධාන කාර්යාලය, ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී Tadao Ando විසින් නිර්මාණය කරන ලද හෝටලයක් ලෙස නව ජීවයක් ලබා තිබේ.  සමාගමේ සියවස් ගණනාවක ඉතිහාසයට අදාළ භාණ්ඩ ප්‍රදර්ශනය කරන පුස්තකාලයකින් එය සමන්විත වේ .

 

Kyoto හි Shimogyo Ward හි පිහිටා ඇති සිව්මහල් හෝටලය, Marufukuro, පැරණි මූලස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර පුළුල් කිරීමෙන් පසු අප්‍රේල් 1 වන දින විවෘත කරන ලදී.  එය අමුත්තන්ගේ කාමර 18 කින් සමන්විත වන අතර වර්ග මීටර් 33 සිට 79 දක්වා බිම් ප්‍රමාණයකින් යුක්ත වේ .  කාමර ගාස්තුව අමුත්තන් දෙදෙනෙකු සඳහා රාත්‍රියකට යෙන් 100,000 සිට යෙන් 250,000 දක්වා පරාසයක පවතී.

 

සමාගම විසින් 1889 දී hanafuda සහ අනෙකුත් ජපන් "karuta" ක්‍රීඩා කාඩ්පත් නිෂ්පාදනය ආරම්භ කල අතර,1947 දී  වර්තමාන Nintendo හි පූර්වගාමියා වන Marufuku, පිහිටුවන ලදී.

105 Views

Comments