ජපානයේ අගනුවර අප්‍රේල් 7 වන දින නව Corona ආසාදිතයින් රෝගීන් 8,753 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
ආසාදිතයින් 8753න් 4338කට Covid එන්නත් දෙකක් ද, 98කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 2115 කට එන්නත් ලබා දී නොමැති අතර 2202 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.
අප්‍රේල් 7 වන දින COVID-19 මරණ හයක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,219 කි.