බටහිර ජපාන නගරයේ සිදුවූ හදිසි අනතුර


ප්‍රවේශපත්‍ර අලෙවි කරන ස්ථානයකට අප්‍රේල් 7 වැනි දින මෝටර් රථයක් කඩා වැදීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති

.

ප්‍රවේශපත්‍ර අලෙවි කරන ස්ථානයකට අප්‍රේල් 7 වැනි දින මෝටර් රථයක් කඩා වැදීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, Osaka ප්‍රාන්ත පොලිසියේ Minami පොලිස් ස්ථානය විසින් වරදකරු වූ Nishiyodogawa Ward හි පදිංචි 32 හැවිරිදි රියදුරු Yuma Nakatake අත්අඩංගුවට ගෙන තිබේ. 

 

"Traffic Light අසල රැඳී සිටින විට මට හදිසියේම කරකැවිල්ලක් ඇති විය, ඊළඟ මොහොතේ මට සිහිය නැති විය. මම දැනගත් ඊළඟ දෙය, මෝටර් රථය වෙළඳසැලට කඩා වැටුණ බවයි "  යනුවෙන් ඔහු පොලිසියට පවසා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ  ඔහුගේ 56 හැවිරිදි මව ද සිට ඇති අතර පොලිසිය විසින් අනතුර පිළිබඳව විමර්ශන පවත්වයි . 

 

වාහනය හැප්පීමෙන් 30 හැවිරිදි පාරිභෝගික කාන්තාවක් සහ 24 හැවිරිදි සාප්පු සේවකයෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු  තුවාල බරපතල බව වාර්තා වේ. Nakatake විසින් තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති  අතර, "මට හදිසියේම මෝටර් රථය පණ ගැන්වීම ගැන මතකයක් නැත" යනුවෙන් පැවැසීය.

123 Views

Comments