පසු ගියදා යුක්රේනයේ දුම්රිය පලකට එල්ලවූ රුසියානු මිසයිල ප්රහාරයකින් ඒ මොහොතේ එහි රැදී සිටි පුද්ගලයන් 52ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියාවෙන් එල්ල වෙතැයි සැක කෙරෙන මහා පරිමාණ ප්රහාරයකට පෙර මිනිසුන් ඉවත් කරමින් සිටියදී මෙලෙස මෙම මිසයිල ප්රහාරය එල්ල වී ඇති අතර එය රුසියාවේ මීළඟ ඉලක්කය ලෙස සැලකූ ඩොනෙක්ස් ප්රාන්තයේ අගනුවර වන ක්රමටොක්ස් හි දුම්රිය පළක ට එල්ල වී ඇත.
එම මිලේච්ඡ ප්රහාරයෙන් පනස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එයට දරුවන් පස් දෙනෙකු ද ඇතුළත් වේ. එයින් තුවාල ලැබූ පිරිස 300කට අධික බව සඳහන් වේ