ඔමික්‍රොන් වෛරසය මැඩපැවැත්වීම සහ පාලනය කිරීම සඳහා නව මාර්ගෝපදේශන සහ සෞඛ්‍ය රෙගුලාසි වල අවශ්‍යතාවය ජපාන වසංගත මර්දන කමිටු ප්‍රධානී Omi Shigeru මහතා පැවසීය. මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ඔමික්‍රොන් වෛරසයට අනුකූල වන පරිදි පවතින ක්‍රමවේද යාවත්කාලීන විය යුතු බවයි.
ටෝකියෝ ඇතුළු නගර 13 වෙත අර්ධ හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර ජනයා ගැවසීම අවම කිරීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශන විනයානුකූලව පිළිපැදීම කෙරෙහි ජනතාව යොමු කිරීම මගින් ඔමික්‍රොන් ව්‍යාප්තිය අවම කර ගැනීමට ජපාන ජාතිය සිය උපරිම උත්සාහය යොදන ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසීය.