වළ දමා තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනේ


Aichi ප්‍රාන්ත පොලිසිය විසින් 30 වැනි වියේ පසුවන කාන්තාවක් අප්‍රේල් 4 වන දින අත්අඩංගුවට ගෙන ඇති

.

Aichi ප්‍රාන්ත පොලිසිය විසින් 30 වැනි වියේ පසුවන කාන්තාවක් අප්‍රේල් 4 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය විසින් මළ සිරුරක් පිළිබඳව තොරතුරු පවසා තිබේ.

 

අනාවරණය වූ සාක්ෂි මත පදනම්ව ජපානයේ Aichi ප්‍රාන්තයේ Higashiura හි මධ්‍යම නගරයේ භූමියේ වළ දමා තිබූ මළ සිරුර සොයා ගත් බව විමර්ශන ආරංචි මාර්ග අප්‍රේල් 9 වන දින අනාවරණය කළේය.

 

මළ සිරුර 40 හැවිරිදි වියේ පසුවන පිරිසිදු කිරීමේ සේවිකාවකගේ බව ආරංචි මාර්ග සඳහන් කරයි.වෙනත් කාන්තාවකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට අදාළ කාන්තාව  50 හැවිරිදි පිරිමියෙකු සමඟ අප්‍රේල් මස මුලදී අත්අඩංගුවට ගෙන තිබේ. 

 

අත්අඩංගුවට ගත් යුවළට කාන්තාවගේ මරණයට හේතු වූ කරුණු පිළිබඳව තොරතුරු තිබිය හැකි බවට සැක කරන ප්‍රාන්ත පොලිසිය ඔවුන්ගේ විමර්ශන දිගටම කරගෙන යන බව වාර්තා වේ.

148 Views

Comments