ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ සඳ ගවේෂණය අසාර්ථකයි!


ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය කුඩා අභ්‍යවකාශ ගවේෂණ යානයක් පසුගිය සතියේ දියත් කිරීමෙන් පසු ලෑන්ඩරය සමඟ කළ සන්නිවේදනය ස්ථාවර නොවීම නිසා එය සඳ මතට ගොඩබෑම අත්හැර දමා තිබෙනවා.

.

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය ඊයේ(22) ප්‍රකාශ කළේ කුඩා අභ්‍යවකාශ ගවේෂණ යානයක් පසුගිය සතියේ දියත් කිරීමෙන් පසු ලෑන්ඩරය සමඟ කළ සන්නිවේදනය ස්ථාවර නොවීම නිසා එය සඳ මතට ගොඩබෑම අත්හැර දැමූ බවයි.

එසේම ලෑන්ඩරයට එහි ගමන් පථය සහ පිහිටීම නිවැරදි කිරීම සඳහා පෘථිවියෙන් සම්ප්‍රේෂණ ලබා ගත නොහැකි වූ අතර එහි කක්ෂය නිවැරදි කිරීමට ගත් උත්සාහයන් ද අසාර්ථක වූ බව ඒජන්සිය පවසයි.

මෙම පරීක්ෂණය සඳහා සංවර්ධන වියදම යෙන් මිලියන 800 බවයි වාර්තා වන්නේ.

සෙන්ටිමීටර් 11ක් දිග, සෙන්ටිමීටර් 24ක් පළල සහ සෙන්ටිමීටර් 37ක් උසින් සහ කිලෝග්‍රෑම් 12.6ක් බරැති පෙට්ටියක හැඩැති ලෑන්ඩරය චන්ද්‍ර මතුපිටට ගොඩබස්වන එරට ප්‍රථම ගවේෂණ යානය බවට පත්වනු ඇති බවට JAXA හි මහාචාර්යවරයෙකු වන Tatsuaki Hashimoto පවසා සිටිනවා.

 

107 Views

Comments