නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුම


කලාපීය මුහුදේ ස්වෛරීභාවය පිළිබඳ චීනය වැඩි වැඩියෙන් ප්‍රකාශ කිරීම තම අසල්වැසියන් කලබලයට පත් කර ඇති හෙයින්, ජප

.

කලාපීය මුහුදේ ස්වෛරීභාවය පිළිබඳ චීනය වැඩි වැඩියෙන් ප්‍රකාශ කිරීම තම අසල්වැසියන් කලබලයට පත් කර ඇති හෙයින්, ජපානය සහ පිලිපීනය ඔවුන්ගේ හමුදා ඒකාබද්ධ අභ්‍යාස සහ අන්‍යෝන්‍ය සංචාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් නිර්මාණය කර ඇති ගිවිසුමක් අත්සන් කිරීමට සෙනසුරාදා එකඟ වී තිබේ .

 

ඔවුන්ගේ විදේශ සහ ආරක්ෂක ඇමතිවරුන්ගේ ටෝකියෝවේ පැවති රැස්වීමකදී මෙම ගනුදෙනුව සිදු කල අතර, ඔවුන් නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ තත්වය පිළිබඳව "දැඩි කනස්සල්ලක්" ප්‍රකාශ කලහ. 

 

දෙරටේ පළමු "ටූ-ප්ලස්-ටූ" ආරක්ෂක සාකච්ඡාවලින් අනතුරුව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, “වැඩිවෙන දැඩි ආරක්‍ෂක පරිසරය අනුව අපි ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කරන්නෙමු" යනුවෙනි. 

 

චීනයේ සාගරික ස්වෛරීත්ව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අරගල කරමින් සිටින ජපානය සහ පිලිපීනය විසින් අපේක්ෂා කරන ලද මෙම නව ගිවිසුම විධිමත් ලෙස හඳුන්වනු ලබන්නේ" "අන්‍යෝන්‍ය ප්‍රවේශ ගිවිසුම" ලෙසිනි.

Comments