අත්වැරදීමකින් පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකුට තුවාල


යොකොහාමාහි අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතින් කුඩා පිස්තෝලයක් වැරදීමකින් ක්‍රියාත්මක වී තිබෙනවා.

.

යොකොහාමාහි අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක පොලිස් නිලධාරීන් සඳහා ගිනි අවි පාඨමාලාවක් සඳහා සූදානම් වෙමින් සිටියදී 32 හැවිරිදි පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතින් කුඩා පිස්තෝලයක් වැරදීමකින් ක්‍රියාත්මක වී තිබෙනවා.

එහිදී පිරිමි සේවකයාගේ වම් අතට තුවාල සිදුවී ඇති නමුත් තුවාල මාරාන්තික නොවන බවයි වාර්තා වන්නේ.

මෙම කුඩා පිස්තෝලය පසුගිය සිද්ධියකදී රාජසන්තක කර ඇති එකක් බවද පසුව අනාවරණය වී තිබෙනවා.

165 Views

Comments