දැරියක් සිර කර අත්අඩංගුවට පත් වූ පුද්ගලයා


නාඹර වියේ ගැහැණු ළමයෙකු Fukuoka ප්‍රාන්තයේ Kitakyuahu හි ඔහුගේ නිවසේ දින තුනක් සිරකර තබා ගත් 42 හැවිරිදි පුද්ගලයෙකු Ehime ප්‍?

.

නාඹර වියේ ගැහැණු ළමයෙකු Fukuoka ප්‍රාන්තයේ Kitakyuahu හි ඔහුගේ නිවසේ දින තුනක් සිරකර තබා ගත් 42 හැවිරිදි පුද්ගලයෙකු Ehime ප්‍රාන්තයේ Matsuyamahigashi හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

 

පොලිසියට අනුව, Daisuke Nakasagi නම් කුලී රථ රියදුරෙකු වන ඔහු ස්මාර්ට් ජංගම දුරකතනයේ යෙදුමක් හරහා දැරිය දැන හඳුනා ගෙන ඇති බව  වාර්තා වේ .ඔහු අප්‍රේල් 4 වන දින ඇයව හමුවීමට කටයුතු කර ඇති අතර ඇයව Kitakyushu හි පිහිටි ඔහුගේ නිවසට ගෙන ගොස් බ්‍රහස්පතින්දා දක්වා දින 3ක් සිරකර ගෙන තිබේ. 

 

අප්‍රේල් 4 වැනි දින ඇය ආපසු නිවසට නොපැමිණීම නිසා දැරියගේ දෙමාපියන් අතුරුදහන් වූ පුද්ගල වාර්තාවක් ගොනු කර තිබේ . Nakasagi සහ දැරිය පස්වරු 2 ට පමණ ඔහුගේ නිවස අසලින් ගමන් කරමින් සිටියදී පොලිසිය සොයා ගත්තේය.  බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

98 Views

Comments