රුසියානු යුක්රේන ආක්‍රමණය හේතුවෙන් මිලියන දහයකට ඉක්මවූ පවුල් සංඛ්‍යාවකට ඔවුන්ගේ නිවාස වලින් පිටවන ලෙස යුක්රේන රජය නිවේදනය කර තිබේ . එලෙස අවතැන් වී සිටින පිරිසෙන් භාගයක් පමණ කුඩා දරුවන් වේ. මෙම අවතැන් වූ පිරිසගේ මානසික මට්ටම යහපත් කිරීම සහ ඔවුන්ට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු නිරාකරණය කර ගැනීමට උපකාර කිරීමට ජපාන සෞඛ්‍ය සේවා කණ්ඩායමක් විසින් මාර්ගගතව පැවැත්වෙන උපදේශන සේවාවක් දියත් කර තිබේ.
ඔවුන් මේ සඳහා නිර්මාණය වූ වෙබ් අඩවියක් භාවිතා කරන අතර ඒ හරහා කායික වෛද්‍යවරුන්, ළමා වෛද්‍යවරුන්, මනෝ උපදේශකවරයන් සම්බන්ධ වෙමින් එම අවතැන් වූ ජනතාවගේ ජීවන තත්ත්වය උපරිමයෙන් යහපත්ව පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙනු ලැබේ.