ජපානයේ පැරණිතම උද්‍යාන ආකෘතිවලින් එකක් ලෙස ගල් කැට වලින් සලකුණු කරන ලද සොබාදහම මධ්‍යයේ ඇති පූජනීය ස්ථාන හැඳින්විය හැකිය. ප්‍රධාන භූමියෙන් චීන සංස්කෘතිය හඳුන්වාදීමට පෙරාතුව, මෙම මුල් උද්‍යාන ආකෘතිය සමහර පුරාණ ෂින්ටෝ සිද්ධස්ථානවල හඳුනාගත හැකි වේ.
පුළුල් ගල් කැට සහිත ප්‍රදේශවලින් වටවී ඇති අයිස් සිද්ධස්ථාන නිදසුනක් ලෙස දැක්විය හැකි වේ.6 වන සියවසේ සිට චීන සංස්කෘතිය සහ බුද්ධාගම පුලුල්ව පැතිරීම ජපන් උද්‍යාන නිර්මාණය කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.
මෙම යුගයේදී අධිරාජ්‍යයාගේ සහ වංශාධිපතියන්ගේ විනෝදය සහ විනෝදාස්වාදය සඳහා අධිරාජ්‍ය මාලිගාවල උද්‍යාන ඉදිකර තිබේ. ඔවුන් තම කේන්ද්‍රස්ථානය ලෙස පොකුණු සහ ඇළ දොළ හඳුන්වා දී තිබෙනු දක්නට ලැබේ.