Tokyo හි වැඩිහිටි රියදුරු බලපත්‍රය


ජපානයේ වයස්ගත ජ්‍යෙෂ්ඨ රියදුරන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පැවැතියද ටෝකියෝවට දකුණින් පිහිටි කනගාවා ප්‍රාන්?

.

ජපානයේ වයස්ගත ජ්‍යෙෂ්ඨ රියදුරන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පැවැතියද ටෝකියෝවට දකුණින් පිහිටි කනගාවා ප්‍රාන්තයේ වැඩිහිටි පදිංචිකරුවන් හට ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ පියවර සම්පූර්ණ කිරීමට මාස තුනක කාලයක් බලා සිටීමට සිදු වී තිබේ. 

 

වැඩිහිටි රියදුරන්ගේ බලපත්‍ර අලුත් කිරීමේ පාඨමාලා සහ පරීක්ෂණවලට මෙම ප්‍රමාදයන් බලපාන අතර පොරොත්තු ලේඛනය දිගින් දිගටම දිගු වන බැවින් වෙන්කරවා ගැනීමේ ප්‍රමාදයන් සමනය කිරීමට ප්‍රාන්ත පොලිසිය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. 

 

පවතින ක්‍රමය යටතේ, වයස අවුරුදු 70 සහ ඊට වැඩි රියදුරන් ඔවුන්ගේ බලපත්‍ර අලුත් කිරීමේදී ජ්‍යෙෂ්ඨයින් සඳහා වන පාඨමාලාවකට සහභාගි විය යුතු අතර වයස අවුරුදු 75 සහ ඊට වැඩි අය මතකය සහ විනිශ්චය මැන බලන පරීක්ෂණයකින් සමත් විය යුතු වේ .

Comments