ඩිජිටල් ශක්‍යතා වර්ධන මධ්‍යස්ථානයක්..


පහල ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ කේතකරණ හැකියාව සහ ඩිජිටල් දැනුම...

.

පහල ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ කේතකරණ හැකියාව සහ ඩිජිටල් දැනුම වර්ධනය කිරීම සඳහා සහයෝගය ලබාදෙන ඩිජිටල් ක්‍රීඩා කේතකරණ මධ්‍යස්ථානයක්, ජපානයේ යමගටා හීදී ආරම්භ කර තිබේ.

ඉහල ශ්‍රේණිවල සිසුන්ට පවා මෙම මධ්‍යස්ථානයේ ඇති අධි තාක්ෂණික පරිගණක භාවිතයෙන් ඩිජිටල් ක්‍රීඩා කේතකරණය සහ අනෙකුත් පද්ධති කේතකරණය සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මෙහිදී සිදු කෙරේ. "D-School" ලෙස නම් කර ඇති මෙම මධ්‍යස්ථානය තුළ දී, දැනට ජපානයේ භාවිතා වන ඉතා දියුණු ඩිජිටල් ක්‍රීඩා උපකරණ සහ ඩිජිටල් පරිගණක ක්‍රීඩා සියල්ලම එහි නිර්මාණකරණ මට්ටම දක්වා ගොස් අධ්‍යනය කිරීමට මෙහිදී සිසුන්ට පහසුකම් සලසා තිබේ. අධි තාක්ෂණික සහ අධිවේගී පරිගණක විස්සක් මෙම මධ්‍යස්ථානයේ තබා ඇති අතර, ක්ෂේත්‍රයේ පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවරුන් පාඨමාලා මෙහෙයවීමට මෙහෙය වීමට සැලසුම් කර තිබේ.

124 Views

Comments