මහජන කරදර වැළැක්වීමේ නීතිය කඩ කල පුද්ගලයා


Osaka ප්‍රාන්තයේ Tennoji හි පොලිසිය විසින් Pachinko ශාලාවේ සේවකයෙකුගේ සායක් රූගත කිරීම සම්බන්ධයෙන් සැකපිට 31 හැවිරිදි පුද්

.

Osaka ප්‍රාන්තයේ Tennoji හි පොලිසිය විසින් Pachinko ශාලාවේ සේවකයෙකුගේ සායක් රූගත කිරීම සම්බන්ධයෙන් සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසියට අනුව, ගිනි නිවන දෙපාර්තමේන්තු සේවකයෙකු වන Daisuke Mori මෙලෙස අත්අඩංගුවට පත් විය. ජනවාරි 27 වන දින පෙරවරු 11 ට පමණ 20 හැවිරිදි කාන්තාවක් වන Pachinko Parlor සේවිකාව සිටගෙන සිටි ස්ථානය අසල ස්මාර්ට් ජංගම දුරකතනයක් Ruck ගෝනියක සඟවා එය බිම තබා මහජන කරදර වැළැක්වීමේ නීතිය කඩ කිරීම  එයට හේතුව බව වාර්තා වී තිබේ . 

 

පොලිසිය පැවසුවේ කිසියම් අමුතු දෙයක් සිදුවෙමින් පවතින බවට  සේවිකාව සැක කළ අතර පසුව නිරීක්ෂණ කැමරා දර්ශන පරීක්ෂා කරන ලෙස කළමනාකරුගෙන් ඉල්ලා ඇති බවයි.

 

සිකුරාදා නැවතත් Mori, Pachinko ශාලාවට පැමිණි විට එම කාන්තාව ඔහුව හඳුනාගෙන පොලිසිය දැනුවත් කල පසු සඟවා තිබූ දුරකතනය රාජසන්තක කර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

148 Views

Comments