ජපානයේ ප්රධාන තිරිඟු පිටි මෝල් හිමියන් ප්රකාශ කර සිටින්නේ එළඹෙන ජූනි මාසයේ සිට ඔවුන් නිෂ්පාදනය කරන තිරිඟු පිටි මිල ඉහළ දමන බවයි.
මෙම ගැටලුව උත්සන්න වූයේ යුක්රේනයේ අර්බුදය හේතුවෙන් ජපානයෙන් ආනයනය කරන පිටි සඳහා වැඩි මිලක් පැනවීම හේතුවෙනි. ඒ අනුව තිරිඟු පිටි කිලෝ 25 ගෝනියක් සඳහා මිල යෙන් 300කින් හෝ ඩොලර් දෙකකට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති බව ඔවුන්ගේ අදහසයි.