මිනීමරුවාගේ පාපොච්චාරණයට අනුව ලබාදුන් සිර දඬුවම


Tokyo දිස්ත්‍රික් උසාවිය මගින් 2002 වර්ෂයේ විසි තුන් හැවිරිදි තරුණයෙකු පිහි ඇනුමකට ලක්කර ඝාතනය කිරීමේ වරදට 50 හැවිර?

.

Tokyo දිස්ත්‍රික් උසාවිය මගින් 2002 වර්ෂයේ විසි තුන් හැවිරිදි තරුණයෙකු පිහි ඇනුමකට ලක්කර ඝාතනය කිරීමේ වරදට 50 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක් කර තිබේ.

 

Naoki Kawase නම් එම පුද්ගලයා Kentaro Narushima නමුත් ඔහු නාඳුනන පුද්ගලයා  2002 වර්ෂයේ දෙසැම්බර විසි එක් වන දින ඔහු නැවතී සිටි නිවස තුළදී ඝාතනය කර තිබුණි. කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධ කාරණය විසඳුමක් රහිතව කාලයක් පැවතුනේය.එනමුදු 2018 වර්ෂයේ තමන්ගේ වරද හෙළි කරමින් ඔහු පොලිසියට පාපොච්චාරණය කර තිබීමෙන් අනතුරුව මෙම කාරණය පිළිබඳව පරීක්ෂණ කටයුතු ඇරඹී තිබිණි.

 

Naoki Kawaseගේ පාපොච්චාරණය ට අනුව  ඔහු අදාල තරුණයාගේ නිවසට බලෙන් ඇතුළු වී ඔහුට  මොට ආයුධයකින් පහරදී විද්‍යුත් උපකරණයක කේබලයකින් ඔහුගේ පා ගැට ගසා ඇත.තවද එම තරුණයාගේ මුහුණට පිහි ඇනුම් තුවාල කර ඔහුගේ මුදල් පසුම්බිය ද රැගෙන පලා ගිය බව ඔහු තවදුරටත් පවසා තිබේ.

 

Kentaro Narushimaගේ නිවසේ ඉඟුරු ඇඟිලි සලකුණු සමඟ Naoki Kawaseගේ ඇඟිලි සලකුණු ගැලපීම හේතුවෙන් එම කාරණයට ඔහු චූදිතයා ලෙස පොලීසිය තීරණය කර තිබිණ

 

359 Views

Comments