ටොන්ගා ගිනිකඳු පිපිරීමෙන් පසු ජපාන කාලගුණය අවදානමක?


පසුගියදා සිදුවූ ටොන්ගා ගිනිකඳු පිපිරීමෙන් පසු ජපාන කාලගුණය

.

පසුගියදා සිදුවූ ටොන්ගා ගිනිකඳු පිපිරීමෙන් පසු ජපාන කාලගුණය වෙත එල්ල වූ බලපෑම් සහ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම අවධානයෙන් සිටීමට ජපාන රාජ්‍ය කාලගුණ විද්‍යා ඒකකය තීරණය කර ඇති බව  ඔවුන් පවසයි.

වර්ෂ 1991දී පිලිපීනයේ සිදු වූ ගිනිකඳු පිපිරීම නිසා වායුගෝලයට සල්ෆර් ඩයොක්සයිඩ්  මුසුවීම නිසා ඉන් වසර දෙකක් පමණ ගත වන තෙක් වායුගෝලීය උෂ්ණත්වය අඩුවීමටත් වගා කටයුතු වලට දරුණු බලපෑම් එල්ල වීමටත් එම අහිතකර බලපෑම සෘජුවම දායක වී තිබිණි.මෙවර සිදු වූ ගිනි කඳු පුපුරා යෑමෙන් පසුව ද ජපාන වායුගෝලයේ හදිසි කම්පන තරංග රටාවක් වාර්තා වූ අතර තවදුරටත් එවැනි වෙනස්වීම් තවදුරටත් සිදුවන්නේද යන්න පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවට ජපාන කාලගුණ විද්‍යා ඒකකය පවසා සිටී.

329 Views

Comments