නැවත විවෘත වූ චෙරි-මල් මංතීරුව


ජපාන චෙරි මල් වසන්තයේ අපූරුව

.

රෝස සහ ලා රතු පැහැයෙන් යුත් සකුරා මල් ගස් වර්ග 138 කින් සහ මුළු ගස් 335 කින් සමන්විත ඔසාකා හි සුප්‍රසිද්ධ චෙරි-මල් මංතීරුව Corona වෛරස වසංගතය හේතුවෙන් වසර දෙකක කාලයකට වසා දැමීමෙන් පසු බදාදා නැවත විවෘත කරන ලදී.

 

බටහිර ජපන් නගරයේ ජපන් Mint මූලස්ථානයේ පිහිටි වසර 130 කට වඩා පැරණි මෙම මංතීරුව ලබන අඟහරුවාදා දක්වා මහජනතාවට නැරඹීම සඳහා විවෘතව පවතී. නමුත් වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතුල්වීම මාර්ගගත තාක්ෂණය ඔස්‌සේ වෙන් කරගැනීම අවශ්‍ය වේ.

 

1883 සිට මහජනතාව සඳහා විවෘතව පවතින සකුරා මංතීරුව දෙවන ලෝක යුද්ධ සමයේදී 1943 සිට වසර හතරක් අවසන් වරට වසා දමා තිබේ. මෙම වසරේ සංචාරකයින් 170,000 පමණ මංතීරුව  නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තා වේ.

174 Views

Comments