ආන්දෝලනයට පත්ව ඇති ඉංග්‍රීසි කථන පරීක්ෂණය


කථන පරීක්ෂණය අවලංගුයි

.

නොවැම්බර් මාසයේදී තුන්වන වසරේ රජයේ කනිෂ්ඨ උසස් පාසල් සිසුන්ට සිදු කිරීමට සැලසුම් කර ඇති ඉංග්‍රීසි කථන පරීක්ෂණය අවලංගු කරන ලෙස බල කරමින් ඉංග්‍රීසි වාග් විද්‍යා පර්යේෂකයන් පිරිසක්  අප්‍රේල් 12 වන දින Tokyo මෙට්‍රොපොලිටන් අධ්‍යාපන මණ්ඩලයට විද්‍යුත් අත්සන් 9392 ක් ඉදිරිපත් කර තිබේ. 

 

නව ක්‍රමය යටතේ සිසුන්ගේ කථන පිළිතුරු සටහන් කර ලකුණු හයේ පරිමාණයෙන් ශ්‍රේණිගත කර ඇති අතර මෙට්‍රොපොලිටන් උසස් පාසල් ප්‍රවේශ විභාග ඇගයීම් වලට භාවිත කිරීම සඳහා උපරිම ලකුණු 20ක් ලකුණුවලට එකතු කිරීමට නියමිත වේ. 

 

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  නව පරීක්ෂණයට ගුරුවරුන් විසින් උපකරණ සූදානම් කිරීම ඇතුළුව අතිවිශාල සූදානම් කිරීමේ කාර්යයක් කළ යුතු නිසාත් ලකුණු ලබා ගැනීමේ නිර්ණායක අපැහැදිලි වීම නිසාත් අලුතින් හඳුන්වා දුන් මෙම පරීක්ෂණ ක්‍රමය  ඉවත් කරන ලෙස සංගමය ඉල්ලා සිටියේය

Comments