ජපානයේ අලුතින්ම ඉදිවෙන Rinkai උමං දුම්රිය මාර්ගය


"රින්කායි උමං මාර්ගය"  පිලිබඳ නවතන අනාවරණයක් මහානගර රජය ඊයේ(30) නිවේදනය කළේය. 

.

තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය 2040 දී පමණ විවෘත කිරීමට අපේක්ෂා කරන "රින්කායි උමං මාර්ගය"  පිලිබඳ නවතන අනාවරණයක් මහානගර රජය ඊයේ(30) නිවේදනය කළේය. 

එම ව්‍යාපෘති සැලැස්මට අනුව නව මාර්ගයේ මුළු දිග කිලෝමීටර් 6.1 ක් පමණ වන අතර මුළු දුම්රිය ස්ථාන හතක් ඇත.  

මෙමගින් තෝකියෝ දුම්රිය ස්ථානයේ සිට ජපානයේ විශාලතම ප්‍රදර්ශන ශාලාව වන "තෝකියෝ බිග් සයිට්" අවට ප්‍රදේශයට දුම්රිය මාරුවකින් තොරව යාමට හැකි වනු ඇත.  

එමෙන්ම මහානගර රජයට අනුව එය JR Yamanote ලයින් සහ Rinkai ලයින් හරහා ගමනාගමනයට යන කාලයට වඩා විනාඩි 20 ක් පමණ කෙටි වනු ඇත.

 

103 Views

Comments