Kanagawa ප්රාන්තයේ Chigasaki පොලිසිය විසින් 31 හැවිරිදි කාන්තාවක් ඇය සමඟ ජීවත් වූ 35 හැවිරිදි පෙම්වතාට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අඟහරුවාදා අලුයම 5.35 ට පමණ ඇගේ පෙම්වතාට පිහියෙන් ඇන ඇති අතර පිහි ප්රහාරයෙන් ඔහුගේ උදර ප්රදේශයට හා උගුර ප්රදේශයට තුවාල සිදුවී තිබේ .
ප්රහාරයෙන් පසු ඔහු සැකකරුගේ මව ඇමතීමට සමත් වූ අතර ඇය පොලිසියට කතා කොට සිදුවිම පිළිබඳව දැනුවත් කර ඇත . පසුව පොලිසිය විසින් ඔහු රෝහල් ගත කළ නමුත් ඒ වන විටත් ඔහුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පැවැසීය.