පියාගේ මරණයට සැක පිට පුතා අත්අඩංගුවට


osaka ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන්  71 හැවිරිදි පියාගේ මරණයට සැකපිට  තිස්හත් හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන තිබේ.

.

osaka ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන්  71 හැවිරිදි පියාගේ මරණයට සැකපිට  තිස්හත් හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් ආරංචිමාර්ග වලට අනුව මෙම 37 හැවිරිදි පුද්ගලයා කාලයක සිට මානසික රෝගයකින් පෙලී ඇති අතර ඔහුගේ නිවසේ තනිවම පියා සමග වාසය කර ඇත. හැත්ත එක් හැවිරිදි පුද්ගලයා  පසුගිය පෙබරවාරි එකොළොස් වැනි දායින් පසුව හමු නොවීම හේතුවෙන් ඔහුගේ මිත්‍රයෙකු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබිණි.

 

මේ අනුව එහි ගිය පොලිසියට නිවසේ කාමරයක් තුළ හැර දමා තිබූ පියාගේ දේහය හමුවී ඇත.ඔහුගේ මූණ පුරා සීරිම් සලකුණු තිබී ඇති අතර මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීමට  ඉතා ඉක්මනින්ම මරණ පරීක්ෂණයක් සිදුකරන බව පොලිසිය දන්වා තිබේ.

317 Views

Comments