දිවුරුම් දුන් ජපානය සහ ග්‍රීසිය


ජපාන ග්‍රීක සහයෝගය සහයෝගීතාවය වර්ධනය වේ

.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස විවේචනය කරමින් ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ ඔහුගේ ග්‍රීක සහකරු Nikos Dendias අධිෂ්ඨානශීලීව එක්ව කටයුතු කිරීම වෙනුවෙන්  බදාදා ප්‍රතිඥා දුන්නේය. 

 

යුක්‍රේනයේ දකුණු වරාය නගරයක් වන Odessa වෙත මානුෂීය සහන සැලසීම සඳහා මේ මස මුලදී සංචාරය කළ Dendias  යුක්‍රේනයේ තත්ත්වය පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් ගැනීම සම්බන්ධයෙන් ජපානයට කෘතඥතාව පළ කරමින් ඕනෑම ජාතියක ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීමට තමා විරුද්ධ බව මෙහිදී පැවසීය.

 

උතුරු කොරියාවේ මෑත කාලීන Ballistic මිසයිලය දියත් කිරීම “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” බව දැඩි ලෙස හෙළා දකින ග්‍රීක අමාත්‍යවරයා හැකි ඉක්මනින් ජපාන අගමැති Fumio Kishida හට  ග්‍රීසියේ සංචාරයක් කරන ලෙස ඉල්ලා සිටි සිටියේය.

98 Views

Comments