කාන්තා විවේකාගාර වලදී නොමිලේ ලබාදිය හැකි සනීපාරක්ෂක අයිතම


කාන්තා විවේකාගාර වලදී නොමිලේ ලබාදිය හැකි සනිපාරක්ෂක ද්‍රව්‍ය අත්හදා බැලීම ආරම්භ වෙයි

.

බටහිර ජපානයේ Osaka නගරය පදනම් කරගත් Next Innovation Inc. ව්‍යාපාර සමාගම විසින් Osaka ප්‍රාන්තයේ සහ විශාල ජනගහනයක් සිටින Tokyo ප්‍රදේශයේ පිහිටි වාණිජ මධ්‍යස්ථාන සහ දුම්රිය ස්ථානවල කාන්තා විවේකාගාර කුටි තුළ  සවි කරන ඇති බෙදා හැරීමේ යන්ත්‍ර මගින් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දිමේ සේවාවක් අත්හදා බැලීම ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

 

කාන්තා   විවේකාගාරවල සනීපාරක්ෂක තුවා වැනි අයිතම නිතිපතා ගබඩා නොකිරීම සමාජ ගැටලුවක් ලෙස හඳුනාගැනීමෙන් පසුව සමාගම විසින් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කර ඇති අතර "Toreluna" ලෙසින් නම් කරන ලද මෙම සේවාව යටතේ, Tokyo තදාසන්න නගරයක් වන Musashino හි Kirarina Keio Kichijoji සාප්පු සංකීර්ණයේ බහාලුම් දෙකක් මේ වනවිට ස්ථාපනය කර තිබේ. 

 

සේවාව භාවිතා කරන්නන්ගේ ස්මාර්ට් ජංගම දුරකතන වලට විශේෂිත යෙදුමක් බාගත කළ යුතු වන අතර විවේකාගාර කුටිවල බිත්තියේ ඇති QR කේතයක් පරිලෝකනය කිරීම මගින් පැය දෙකකට වරක් සනීපාරක්ෂක තුවා එකක් සහ මසකට තුවා හතක් දක්වා ලබා ගත හැකිය. මෙහිදී පුද්ගලික දත්ත හෝ වෙනත් තොරතුරු ඇතුළත් කිරීමක් අවශ්‍ය නොවන බැවින්, තුවාය විනාඩියකට අඩු කාලයකින් ලබා ගත හැකි වේ. 

 

"බොහෝ විට කාන්තාවන් තනි විවේකාගාර කුටියක් තුළ සිටින විට ඔවුන්ගේ ඔසප් වීම අනපේක්ෂිත ලෙස පැමිණ ඇති බව දුටුවහොත් එවැනි අවස්ථාවක කාන්තාවන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය නිවැරදිව භාවිතා කිරීමේ අවස්ථාව අප විසින් සලසා දී තිබේ . එනිසා අන් අයගේ අවධානයට ලක් වෙමින් පහසුව සඳහා සාප්පුවකට යායුතු නොවේ " යනුවෙන් සමාගමේ Toreluna ව්‍යාපාරික අංශයේ ප්‍රධානී Yuri Fukunaga නව අත්හදා බැලීම සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටියේය .

166 Views

Comments