බටහිර ජපානයේ  සංචාරක කුමරිය


සංචාරක ක්ශේත්‍රය නගා සිටුවීමට ජපානයේ නව වැඩ පිලිවෙල

.

මෙම වසරේ සිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අවශ්‍යතාවය ඉවත් කිරීම වෙනුවෙන් සංචාරක තානාපතිවරුන් ලෙස සේවය කිරීමට තනිකඩ කාන්තා "කුමරියන්" බඳවා ගැනීම සඳහා  බටහිර ජපානයේ නාරා ප්‍රාන්තයේදි වාර්ෂික තරඟයක් පැවැත්විමට නියමිතව තිබේ. 

 

Kashihara හි සංචාරක මණ්ඩලය පවසන්නේ එය "Sarara කුමරිය" යන තේමාව යටතේ උසස් පාසල් සිසුන් හැර ප්‍රාන්තයේ ජීවත් වන, ඉගෙනුම ලබන හෝ සේවය කරන වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම කෙනෙකුට විවෘත වන බවයි. 

 

"ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙක් මෙම භූමිකාව සඳහා ඉල්ලුම් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එවිට අපට නගරයේ ආකර්ෂණීය ස්ථාන පිළිබඳව දැනුවත් කළ හැකිය," යනුවෙන් මණ්ඩලයේ නිලධාරියෙකු පැවැසීය. 

 

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය මැයි 6 වන අතර වසරක් තුළදී දින 30ක් පමණ පැවැත්වෙන සිදුවීම්වල කාර්යභාරය ඉටු කිරීමට මෙහිදී පුද්ගලයන් තිදෙනෙකු තෝරාගනු ලැබේ

Comments