ජපානයේ H3 රොකට්ටුව ලබන වසරේ දියත් කෙරේ


රොකට්ටුව පළමුවර දියත් කිරීමට තීරණය කර තිබුණේ 2020 වසරේදීයි.

.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානය ( JAXAJaksa ) විසින්  ලබන වසරේ පෙබරවාරි 12 වන දින Kagoshima ප්‍රාන්තයේ Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් H3 නම් රොකට්ටුවක් දියත් කිරීමට තීරණය කර ඇත. 

මෙම රොකට්ටුව නිපදවීම 2014 දී ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින් දියත් කිරීම සඳහා වන පිරිවැය යෙන් බිලියන 5 ක් දක්වා අඩු කර තිබේ.

රොකට්ටුව පළමුවර දියත් කිරීමට තීරණය කර තිබුණේ 2020 වන අතර එන්ජිම තුළ ඇති වූ දෝෂයක් හේතුවෙන් දියත් කිරීම දෙවරක් කල් දමන ලදී.  

ඒ අනුව එන්ජිමේ සැලසුම වෙනස් කර මේ වසරේ නොවැම්බර් මාසයේ පවත්වන ලද අවසන් පරීක්ෂණයෙන් දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ලබන පෙබරවාරි මාසයේදී දියත් කළ හැකි බව තීරණය විය.

 

102 Views

Comments