අඩපණ වූ Yamanote මාර්ගයේ දුම්රිය ධාවනය


Yamanote මාර්ගයේ දුම්රිය තාවකාලිකව නවතී

.

අප්‍රේල් 15 වන දින උදෑසන ටෝකියෝ හි Shinjuku Ward හි JR Shin-Okubo දුම්රිය ස්ථානය අසල දුම්රිය  මාර්ගයේ වූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති අතර, එනිසා Yamanote මාර්ගයේ සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවන ලදි .

 

පෙරවරු 8.50 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් කිසිදු පුද්ගලයකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. 

 

දුම්රිය සේවා අත්හිටුවීම හේතුවෙන් JR Shinjuku දුම්රිය ස්ථානයේ සහ අනෙකුත් ස්ථානවල තාවකාලික ජනකායක් ඇති වුවද පැය දෙකක  ප්‍රමාදයකින් පසුව 10:37 ට පමණ Yamanote මාර්ගයේ  නැවත මෙහෙයුම් ආරම්භ වූ බව නැගෙනහිර ජපන් දුම්රිය සමාගම (JR East) පැවැසීය.

118 Views

Comments