යුක්‍රේනයට Gunma සරසවියෙන් සහය


යුක්රේන සිසුන්ට ජපාන සරසවිවලින් උපකාර ලැබේ

.

යුක්රේන  සිසුන්ට සහ පර්යේෂකයන්ට ඔවුන්ගේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට  ටෝකියෝ හි උතුරු ප්‍රදේශයට වන්නට පිහිටා ඇති  Gunma සරසවියෙන් සහය ලබාදීමට  සූදානමක් ඇති බව වාර්තා වේ. රුසියානු ආක්‍රමණය හේතුවෙන් බාධා වූ මෙම සිසුන්ගේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු නැවත ආරම්භ කර සිදුකරගෙන යාමට  එම සරසවිය උදව් ලබාදීමට බලාපොරොත්තු වේ.

 

පසුගිය සිකුරාදා දින පැවැත්වූ සාකච්ඡාවක දී එම සරසවිය අනාවරණය කර තිබුණේ  පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කර පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් සහිත  ස්ථානයක් සූදානම් කර දීමට ඔවුන් කටයුතු සලස්වන බවයි.

 

මේ සඳහා එම සරසවි සිසුන් ජපාන  වැසියන්ගේ ද උදව් ලබා ලබාගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ආධාර එකතු කිරීමට වැඩපිළිවෙලක් ද දියත් කිරීමට සූදානමින් සිටී . 

Comments