යුකී වටනබේට මුදල් වංචා සඳහා උදව් කල කාන්තාවගේ තොරතුරු එළියට


ඇය යුකී වටනබේගේ පෙම්වතිය බව වාර්තා වේ.

.

කන්ටෝ කලාපයේ විවිධ ප්‍රදේශවල මංකොල්ලකෑම් සිද්ධීන් මාලාවක් සම්බන්ධයෙන් පිලිපීනයේ රඳවා සිටින සිව්දෙනාගෙන් එක් අයෙකු වන යුකී වටනබේ සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ ජපන් කාන්තාවක් ජපානයෙන් විශාල මුදල් ප්‍රමාණයක් නීතිවිරෝධීව රැගෙන ගොස් වටනබේට ලබා දී ඇති බව හෙළිවී තිබේ.

ඒ අනුව 2019 මාර්තු මාසයේ සිට මාස හතක කාලයක් තුළ ඇය ජපානය සහ පිලිපීනය අතර අවම වශයෙන් හත් වතාවක් එහා මෙහා ගොස් ඇති බවත් වරක් යෙන් මිලියන 20 ක් වටනබේට ලබා දුන් බවත් අනාවරණය වී තිබේ.

2019 නොවැම්බරයේදී අදාල කාන්තාව තෝකියෝ හි ජීවත් වූ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මුදල් කාඩ්පතක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවටද ගන්නා ලදී.

 

80 Views

Comments