ජපාන රජය විසින් දකුණු ප්රාන්තයේ ඔකිනාවා ප්රදේශයේ කොරොනා පැතිර යාම වැළැක්වීම උදෙසා කටයුතු කිරීමට කණ්ඩායමක් පිටත් කර යැවීමට තීරණය කර ඇත. පසුගිය සතියේදී සෑම මිනිසුන් ලක්ෂයකටම කොරෝනා ආසාදිතයන් 600ක් ලෙස වාර්තා කළ ජපානය එකම නගරය ඔකිනාවා වීම එයට හේතුවයි .
එම නගරය තුළ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන් කිරීමට සිදුව ඇති රෝහල් ඇඳන් ප්රමාණය ද ක්රමයෙන් වැඩි වන බව වාර්තා වී තිබේ.
පසුගිය බ්රහස්පතින්දා වන විට වාර්තා වී තිබූ පරිදි සමස්ත ජපානයේ 47%ක ප්රමාණයක් corona තුන්වන එන්නත ලබා තිබියදී ඔකිනාවා ප්රාන්තයේ පමණක් එම එන්නත ලබා ගෙන තිබුණේ එහි සමස්ත ජනගහනයෙන් 35%ක් පමණක් වීමද එම ප්රදේශයේ corona පැතිර යාම පාලනය කිරීම දුෂ්කර වීමට හේතුවක් වී තිබේ.