සංක්‍රමණය වූ Humpback තල්මසුන්


Humpback තල්මසුන් ජපානය අවට මුහුදට සංක්‍රමණය වෙයි

.

Amami  තල්මසුන් සහ ඩොල්ෆින් සංගමයේ නිරීක්ෂණවලට අනුව, වාර්තාගත තල්මසුන් 1,750 ක් නිරිතදිග ජපානයේ Kagoshima ප්‍රාන්තයේ Amami - Oshima දූපත අවට ජලයට සංක්‍රමණය වන බව 2021 දෙසැම්බර් සහ 2022 මාර්තු අතර කාලයේදී දක්නට ලැබුණි.

 

මව සහ පැටවුන් සහිත කණ්ඩායම් 158 ක් සංක්‍රමණය වීම සංගමය විසින් තහවුරු කල අතර   සභාපති Katsuki Oki අදහස් දක්වමින්, "පෙනෙන විදිහට අලුත උපන් පැටවුන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටියා. දින 10ක් තරම් කාලයක් වූ මව්වරුන් සහ පැටවුන් පවා සිටි අතර,  Amami ට ඔබ්බෙන් වූ  මුහුද සන්සුන් නිසා තල්මසුන් සඳහා සුවපහසු පරිසරයක් ලබා දෙන බැවින් ඔවුන්ගේ පැටවුන් ඇති දැඩි කිරීමට සුදුසු යැයි විශ්වාස කරමු " යනුවෙන් පැවැසීය. 

 

මෙම Humpback තල්මසුන් බරින් මෙට්‍රික් ටොන් 30ක් පමණ වන අතර දිගින් 11m - 14m අතර වේ. ඔවුන් සිය ගිම්හාන කාලය නැගෙනහිර රුසියාවේ Kamchatka අර්ධද්වීපයෙන් ඔබ්බට ගත කරන අතර ශීත ඍතුවේ අභිජනන සමයේදී දකුණේ Amami සහ Okinawa ප්‍රාන්තය අවට ජලය වෙත  සංක්‍රමණය වේ.

164 Views

Comments