අභිජනන ප්‍රභේදයක් බවට පත්වූ ජපන් සයිප්‍රස් ගස


පරාග රහිත සයිප්‍රස් ප්‍රභේදයක් ලියාපදිංචි කෙරේ

.

ජපානයේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද පරාග රහිත ජපන් සයිප්‍රස් වර්ගයක් Kanagawa ප්‍රාන්තයේ ස්වභාවික පරිසර සංරක්ෂණ මධ්‍යස්ථානය විසින්  අභිජනන ප්‍රභේදයක් ලෙස ලියාපදිංචි කර තිබේ .පරාග-අසාත්මිකතා විරෝධී ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ගස් භාවිතය පිළිබඳ අපේක්ෂාව ඉහළ යමින් පවතින බැවින් ප්‍රාන්ත රජය විසින් ගසේ පැළ නිෂ්පාදනය සඳහා කටයුතු සිදු කරගෙන යනු ලබයි. 

 

කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යාංශය විසින් මෙම ප්‍රභේදය මෙම මාර්තු මාසයේදී ලියාපදිංචි කරන ලදී.  එය "Tanzawa Mori no Mirai" එනම් " Tanzawa වනාන්තරයේ අනාගතය" ලෙස හඳුන්වනු ලැබේ. එහි නිල නාමය "Kanagawa mukafun hi 1go"  වන අතර " Kanagawa හි පරාග නිකුත් නොකරන දැනට හමුවී ඇති 1 වෙනි ජපන් සයිප්‍රස් ගස් වර්ගය වේ " යනු එහි තේරුමයි. 

 

Hadano හි Kanagawa ප්‍රාන්තයේදී 2012 අප්‍රේල් මාසයේ මෙම ගස සොයාගෙන තිබේ. විකෘතියක් නිසා ගසෙන් පරාග වාතයට මුදා නොහරින බැවින්, බීජ නිපදවීමක් සිදු නොවේ . නමුත් ගස කැපීම හරහා බීජ නිෂ්පාදනය කළ හැකි අතර, 2018 ජූලි මාසයේදී නව අභිජනන ප්‍රභේදයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා ප්‍රාන්ත රජය අවසර ලබා දී තිබේ.

118 Views

Comments