මහජන සහනාධාර වංචාකර දඬුවම් ලැබු යුවලක්


පාසල් සහනාධාර වංචාකල යුවලක් අත්අඩංගුවට ගැනේ

.

ප්‍රාථමික පාසලක් ඉදිකිරීම සඳහා වූ මහජන සහනාධාර වංචාකිරීම සම්බන්ධයෙන් චෝදනා  ලැබ සිටි අගමැති Shinzo Abe ට සම්බන්ධ පාසල් ක්‍රියාකරුවෙකුගේ ප්‍රධානියා සහ ඔහුගේ බිරිඳ සඳුදා ජපාන මහාධිකරණයක් විසින් වැරදිකරුවන් බවට තීරණය කළේය.

 

2017 දී ඉල්ලා අස්වීමෙන් පසු මේ වසරේ මාර්තු මාසයේදී Moritomo Gakuen හි ප්‍රධානියා ලෙස වැඩ භාරගත් Yasunori Kagoike හට වසර පහක සිර දඬුවමක් පනවන ලෙස පහළ අධිකරණ තීන්දුවක් Osaka මහාධිකරණය විසින් අනුමත කල අතර බිරිඳ Junko හට අවුරුදු 2  මාස හයක සිර දඬුවමක් නියම වී තිබේ. 

 

Osaka හි Toyonaka හි ප්‍රාන්ත රජයෙන් මිලදී ගත් ඉඩමක ප්‍රාථමික පාසලක් ඉදිකිරීම සඳහා අධික මුදලක් අය කිරීමෙන් 2016 මාර්තු සිට 2017 පෙබරවාරි දක්වා මධ්‍යම රජයේ සහනාධාර වශයෙන් යෙන් මිලියන 56.44 ක් නීති විරෝධී වංචා කොට තිබේ.

134 Views

Comments