සම්බාධක පැනවීමට එකඟ වූ ස්විට්සර්ලන්තය


ජපානයේ සම්බාධක වලට ස්විට්සර්ලන්තයේ සහාය ලැබේ

.

යුද්ධය ලිහිල් වීමේ සලකුනු නොපෙන්වන බැවින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට "ශක්තිමත්" සම්බාධක පවත්වා ගැනීමට අගමැති Fumio Kishida සහ ස්විට්සර්ලන්ත ජනාධිපති Ignazio Cassis සඳුදා එකඟ වූ බව ජපානයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

 

රුසියාව විසින් යුක්‍රේන සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු බවට Kishida සහ Cassis ටෝකියෝවේ දී එකඟ වූ අතර, ගෝලීය ප්‍රජාවගේ හඬට අවනත වී ආක්‍රමණය නතර කරන ලෙස Moscow වෙතින් ඉල්ලා සිටි බව අමාත්‍යාංශය වාර්ථා කළේය .

 

ස්විස්ටර්ලන්තය යුරෝපීය සංගමයේ  සාමාජිකයෙකු නොවුණද රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවා තිබියදී  යුක්‍රේනයට තම රටේ උපරිම සහය ලබා දෙන බව Cassis උපුටා දැක්වූ අතර ආර්ථිකය, විද්‍යාව සහ තාක්‍ෂණය යන ක්‍ෂේත්‍රවලදි ජපානය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය

Comments