පසුගිය ඉරිදා ටොංගා දිවයින අශ්‍රිතව මුහුදේ සිදු වූ ගිනිකඳු පිපිරීම නිසා හානිවූ එම දිවයිනේ ජනතාව වෙත සහන රැගත් නෞකා දෙකක් අසල්වැසි රාජ්‍යයක් වූ නවසීලන්තය විසින් පිටත් කර යවා තිබේ.
නවසීලන්ත නාවික හමුදාවට අයත් මෙම නෞකා 2 තුළ පානීය ජලය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර ඇති බව සැලවේ. ගිනිකඳු පිපිරීමෙන් පතිත වූ අළු සහ මුහුදු ජලය නිසා ටොන්ගා වැසියන්ට පානීය ජලය සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම ඉතා දුෂ්කර වී තිබේ.