ළමා රෝග වෙනුවෙන් නිර්මාණය කළ වෙබ් අඩවිය 


යුක්රේන දරුවන් වෙනුවෙන් ළමා රෝග වෛද්‍ය වරයෙකු වෙබ් අඩවියක් නිර්මාණය කරයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හමුවේ පලා යන භාරකරුවන්ට සහ දරුවන්ට නවාතැන් ස්ථානවලදී මුහුණ දීමට සිදු වන සීමිත ජලය හෝ උණුසුම වැනි අභියෝග සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා ජපන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු විසින් යුක්‍රේනියානු සහ තවත් භාෂා තුනකින් වෙබ් අඩවියක් දියත් කර තිබේ. 

 

යුක්‍රේන , පෝලන්ත, ඉංග්‍රීසි සහ ජපන් භාෂාවෙන් ඇති මෙම වෙබ් අඩවිය ළමා මානසික සෞඛ්‍ය රැකවරණය, පාචනයට ප්‍රතිකාර කිරීම, ළදරු සනීපාරක්ෂාව, විජලනය සහ බෝවන රෝග වැළැක්වීම ඇතුළු මාතෘකා පිළිබඳ තොරතුරු සම්පාදනය සිදු කරනු ලබයි .

 

මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ වන මධ්‍යම ජපාන ප්‍රාන්තයේ Nagano හි Saku Central Hospital Advanced Care Center හි 44 හැවිරිදි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Masahiko Sakamoto පැවසුවේ යුක්‍රේනයේ තත්වය විදේශ රටක සිදුවෙමින් පවතින දෙයක් ලෙස තමාට දැකිය නොහැකි බවයි.

124 Views

Comments