Yasukuni සිද්ධස්ථානයට චාරිත්‍රානුකූල පූජාවක් යැවූ අගමැති


ජපාන හා දකුණු කොරියානු රාජතාන්ත්‍රික සබඳතා තවත් වර්ධනය වේ

.

අගමැති Fumio Kishida විසින් ජපානයේ අතීත මිලිටරිවාදයේ සංකේතයක් ලෙස සලකන මෙන්ම චීනය සහ දකුණු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුම්වල දිගුකාලීන  Shinto සිද්ධස්ථානයක් වන Yasukni වෙත චාරිත්‍රානුකූල පූජාවක් පසුගිය බ්‍රහස්පතින්දා යවා තිබේ. 

 

Yasukuni යුද්ධයෙන් මියගිය මිලියන ගණනක් සමඟ වරදකරුවන් වූ යුද අපරාධකරුවන්ට ගෞරව කිරීම මෙමගින් සිදු කෙරෙන අතර මෙමඟින් දෙවන ලෝක සංග්‍රාමයට පෙර සහ අතරතුර ජපානයේ මිලිටරිවාදය පිළිබඳ මතකයන් ගැඹුරට දිව යාම සිදු වේ. 

 

"අනාගතය ඉලක්ක කරගත්" ප්‍රවේශයක් ඉල්ලා සිටින බලයට පත්වන ජනාධිපති Yoon Suk Yeol ගේ මඟපෙන්වීම යටතේ එළැඹෙන ඉරිදා පැමිණිමට නියමිත දකුණු කොරියානු දූත පිරිස සමඟ සාකච්ඡා කොට කොරියාව හා ජපානය අතර ඇති සබඳතා වැඩිදියුණු කර ගැනීමට අගමැති Kishida බලාපොරොත්තු පළ කර තිබේ.

 

96 Views

Comments