Yowamushi Pedal හි සජීවීකරණ චරිත ඇතුළත් නව ජපාන දුම්රිය ධාවනයට එක් කෙරේ


සජීවීකරණ චරිත ඇතුළත් දුම්රියක් ජපානයේ දුම්රිය ධාවනයට එක් වෙයි

.

නිරිතදිග ජපානයේ Saga ප්‍රාන්තයේ Arita නගරය සහ Nagasaki ප්‍රාන්තයේ Sasebo නගරය සම්බන්ධ කෙරෙන Matsuura දුම්රිය මාර්ගයේ සේවය සදහා එළැඹෙන සැප්තැම්බර් 23 වන දින සිට යෙදවීමට නියමිත Kyushu Shinkansen බුලට් දුම්රියේ නාගසාකි මාර්ගය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 10 දින ආරම්භ වූ අතර මෙම දුම්රියේ විශේෂත්වය වන්නේ ජනප්‍රිය සජීවිකරණ "Yowamushi Pedal" හි චරිත සහිත විශේෂ රූපරාමු අන්තර්ගත වීමයි. 

 

Imari දුම්රිය ස්‌ථානයේදී ප්‍රදර්ශනයට එක්වූ මෙම නව දුම්රියේ නැවතුම් පොළවල් ලෙස Nagasaki ප්‍රාන්තයේ Nagasaki , Isahaya,  Omura සහ Saga ප්‍රාන්තයේ Ureshino සහ Takeo නම් කර ඇති අතර Takeo විසින් පවත්වාගෙන යනු ලබන දුම්රියේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය මාර්ගය 2023 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කෙරේ. 

 

"Yowamushi Pedal" යන සජීවීකරණය මගින් , උසස් පාසල් පාපැදි සමාජයකට සම්බන්ධ වී තරඟකාරී උච්චාවචනයන් හරහා තම පරිණතභාවය ගොඩනඟා ගන්නා Sakamichi Onoda ගේ ජීවිත කතාව විදහා දැක්වෙන අතර දුම්රියේ දක්නට ලැබෙන සෙන්ටිමීටර 63ක් දිගැති ජායාරූප තහඩුවට ප්‍රධාන චරිතය සහ ඔහුගේ කණ්ඩායමේ සගයා වන Shunsuke Imaizumi ගේ රූප සටහනක් ද එක් කර තිබේ. නව මාර්ගයෙන් ඈත පිහිටි උතුරු Saga ප්‍රාන්තය තුළ Shinkansen ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බව පැවැසේ.

127 Views

Comments