ධාවන පථයේ සිදුවන කැස්බෑවන්ගේ ආක්‍රමණය


Narita ගුවන්තොටුපළට සිදු වන කැස්බෑ ආක්‍රමණය වැළැක්වීමට පියවර ගැනේ

.

Tokyo අසල Narita ගුවන් තොටුපලේ ධාවන පථයකට පිවිසි එක් කැස්බෑවෙකු නිසා 2021 දි ගුවන් ගත වීමක් ප්‍රමාද  වූ අතර එවැනි සිදුවීමක් නැවත වීම වැළැක්වීම සඳහා කැස්බෑවන් රිංගා යාම වැළැක්වීමට එහි රැඳවුම් පොකුණෙහි  උගුල් පිහිටුවීම බදාදා ආරම්භ වී තිබේ . 

 

බොහෝ පොකුණු ආක්‍රමණශීලී කැස්බෑ විශේෂයක් වන Sliders ගෙන් සමන්විත වේ. ඔවුන් අසල ඇති ජල කඳන් වල ව්‍යාප්ත වන බැවින්, වර්ග මීටර් 1 ක පමණ පාවෙන උගුල් ගුවන් තොටුපලේ ධාවන පථය අසල රඳවා තබා ගැනීමේ පොකුණෙහි යොදවා තිබේ. 

 

උගුල් යෙදීම මගින් 4000m පමණ දිග ධාවන පථයට කැස්බෑවුන් පැමිණීම වළක්වා ආරක්ෂිත මෙහෙයුම් වලට ඉඩ ලබා දීම සිදු කෙරෙන අතර Narita International Airport Corp පවසන පරිදි   කැස්බෑවෙකු ජල මතුපිටට නැඟී ව්‍යුහය තරණය කිරීමට උත්සාහ කලහොත් උගුලේ දැලට වැටීම සිදු වේ .

132 Views

Comments