ඉහළ ගිය ලොව විශාලතම රන් තීරුවේ වටිනාකම


ලොව විශාලතම රන් තීරුවේ වටිනාකම යෙන් බිලියන 2.2ක්.වේ.

.

යුක්‍රේන අර්බුදය හේතුවෙන් ඉන්ධන සැපයුම අස්ථාවරත්වයට පත්වි ඇති අතර භාණ්ඩ මිල ජපානය තුළ අහස උසට නැඟීමට හේතුවෙන් , ලොව විශාලතම රන් තීරුවේ වටිනාකම යෙන් බිලියන 2.2 දක්වා ඉහළ ගොස් තිබේ. 

 

250 kg බරැති මෙම රන් තීරුව මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ Izu හි Toi Gold Mine තේමා උද්‍යානයේදි පලමු වරට ප්‍රදර්ශනය කෙරිණි . 2005 දී උද්‍යාන ක්‍රියාකරුගේ මව් සමාගම විසින් මෙම රත්‍රන් තීරුව උණු කල අතර ගිනස් ලෝක වාර්තා එම වසරේ දීම එය ලොව විශාලතම රන් තීරුව බවට සහතික කළේය.

 

2005 ජූලි මාසයේදී  එහි වටිනාකම යෙන් මිලියන 400 වුවත් බදාදා වන විට, රන් තීරුවේ නිෂ්පාදකයා වන Tanaka Kikinzoku Kogyo K.K ට අනුව, බද්ද ඇතුළුව රත්‍රන් ග්‍රෑම් 1 වටිනාකම යෙන් 8,969 විය. මෙනිසා අර්බුදකාරී කාලවලදී රන් සාමාන්‍යයෙන් ධනයේ සුරක්ෂිත ගබඩාවක් ලෙස සලකනු  ලැබේ.

103 Views

Comments