ජපානය කාබන් විමෝචනය ශූන්‍ය කලාපයක් කිරීමට සැරසෙයි


ජපාන පරිසර අමාත්‍ය Tsuyoshi Yamaguchi  පසුගිය අඟහරුවාදා පැවති සාකච්ඡාවක දී පවසා සිටියේ ජපානයේ ක්‍රම ක්‍රමයෙන් අදියරෙන්

.

ජපාන පරිසර අමාත්‍ය Tsuyoshi Yamaguchi  පසුගිය අඟහරුවාදා පැවති සාකච්ඡාවක දී පවසා සිටියේ ජපානයේ ක්‍රම ක්‍රමයෙන් අදියරෙන් අදියර ජපානය  පුරා පැතිර  පවතින කාබන් ආශ්‍රිත නිෂ්පාදනයන් කෙරෙන කර්මාන්ත ශාලා ඉදිරි  වසර 20 තුළ දී ජපානයෙන් තුරන් කිරීමට කටයුතු කරන බවයි .මේ සඳහා ඔවුන් කාබන් යොදා ගැනීම අඩු කිරීමටත්, නිෂ්පාදන වන කාබන් වෙනත් ආකාරයෙන් පරිභෝජනය කිරීමටත්  හැකි වන නව තාක්ෂණික උපක්‍රම හඳුන්වා දීමට මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතී.

 

අමාත්‍යවරයා හා පැවැති පුවත්පත්  සාකච්ඡාවක දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජපානය ආසියාවෙන්ම  ශුන්‍ය කාබන් විමෝචනයක් සහිත කලාපයක් කිරීම වෙනුවෙන් නිරතුරු ව කටයුතු කරන බවත් ඔවුන් 2050 වන විට මෙම අරමුණ සපුරාගැනීම සඳහා  මේ වන විටත් කාබන් බද්දක් අයකර ගැනීම පිළිබඳව කටයුතු සූදානම් කරමින් සිටින බවයි. තවද ඔවුන් කාබන් පරිභෝජනය ශුන්‍ය සහ සීමා කරන නිෂ්පාදකයන්ට ඉතා හොඳ දිරිගැන්වීම් ලබා දීමට බලාපොරොත්තු වේ.

283 Views

Comments