නගෝයා බන්ධනාගාරයේ නිලධාරීන් රැඳෙවියන්ට පහරදෙයි


රැඳවියන් තිදෙනෙකුට 462 වතාවක් පහරදීම් සිදුකර ඇති බව වාර්තා වේ.

.

නගෝයා බන්ධනාගාරයේ නිලධාරීන් විසින් රැඳවියන් තිදෙනෙකුට 462 වතාවක් පහරදීම් සිදුකර ඇති බව වාර්තා වේ. බන්ධනාගාර නිලධාරීන් 22 දෙනෙකු විසින් මෙලෙස රැඳවියන්ගේ තට්ටම්වලට සෙරෙප්පුවලින් පහර දීමෙන්, උෂ්ණත්වමානයකින් පහර දීමෙන් සහ ආහාර ගෙන යන කුටියේ දොරවල් හිතාමතාම වසා දැමීමෙන් රැඳවියන් පීඩාවට පත්කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

මේ අතර විමර්ශන නිලධාරීන් බන්ධනාගාරයේ කාර්ය මණ්ඩලයේ 60 කට අධික සංඛ්‍යාවක් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන ලද අතර 600 කට අධික නිරීක්ෂණ කැමරා පටිවල දර්ශන විශ්ලේෂණය කරන ලදී.

මේ අනුව පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සමඟ සෘජුව කතා කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ලබන මාසයේ නගෝයා බන්ධනාගාරයට පැමිණීමට සැලසුම් කරයි.

128 Views

Comments