රුසියාවේ ආක්‍රමණයෙන් පසු නැගෙනහිර යුරෝපීය රටක තවදුරටත් ආරක්ෂිතව වැඩ කළ නොහැකි යුක්රේනියානු පර්යේෂකයන් දෙදෙනෙකු ටෝකියෝ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වීමට නියමිත අතර එම කාන්තාවන් දෙදෙනා සංචාරක පර්යේෂකයන් ලෙස පිළිගන්නා බවත් ඔවුන්ගෙන් එක් අයෙකු වන Iryna Petrychenko දැනටමත් ජපානයට පැමිණ ඇති බවත් විශ්ව විද්‍යාලය සදහන් කළේය.
යුද්ධයෙන් විනාශ වූ ජාතියෙන් පලා යන සිසුන්ට සහ පර්යේෂකයන්ට සහාය වීම සඳහා පසුගිය මාසයේ නිර්මාණය කරන ලද විශ්ව විද්‍යාල සහන වැඩසටහනේ පළමු ප්‍රතිලාභීන් දෙපළ ලෙස ඔවුන් හැඳින්විය හැකි වේ.
අගනුවර Bunkyo Ward හි විශ්ව විද්‍යාලයේ Hongo මණ්ඩපයේ වාර්තාකරුවන්ට චතුර ලෙස ජපන් භාෂාවෙන් කතා කරමින්, Iryna පැවසුවේ “යුද්ධය නිසා මගේ ජීවිතය පීලි පැන ඇති බැවින් පෙන්වා ඇති කරුණාවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා " යනුවෙනි.