අඟහරුවාදා බොහෝ දේශසීමා පාලන ඉවත් කෙරූ අතර තායිවාන සංචාරකයින් පිරිසක් ජපානයට පැමිණෙමින් සිටියි. තායිවානයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක සංචාරකයින් උදේ සිට පිරික්සුම් කවුන්ටරවල දිගු පෝලිම් වල සිටිනු දක්නට ලැබී ඇත.
ප්‍රධාන සංචාරක ඒජන්සියක් පවසා සිටියේ දුර්වල යෙන් සංචාරකයින් සඳහා ජපානය වඩාත් ආකර්ශනීය කරවන බවයි. තායිවානය ද බ්‍රහස්පතින්දා ප්‍රවේශ පාලනය පහසු කිරීමට නියමිතව ඇත. දේශීය සංචාරක කර්මාන්තය පවසන්නේ තායිලන්ත අමුත්තන්ගේ වැඩිවීමක් දැකීමට අපේක්ෂා කරන බවයි.