ජපානයේ ඖෂධ බෙදා හැරීම ආරම්භ කළ Zipline


ජපානයේඩ්ද zipline හරහා ඖෂධ බෙදා හැරීම ආරම්භ වෙයි

.

වෛද්‍ය සැපයුම් බෙදා හැරීම සඳහා ස්වයංක්‍රීයව පියාසර කරන ඩ්‍රෝන යානා භාවිතා කිරීම පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ඇමරිකානු සමාගමක් වන Zipline බ්‍රහස්පතින්දා තම සේවය සඳහා ජපානයට  පිටත්ව ගොස් තිබේ.

 

මෙම යානා නිරිතදිග ජපානයේ Kyushu හි බටහිර වෙරළට ඔබ්බෙන් වූ කුඩා Goto දූපත් හරහා ෆාමසි සහ රෝහල් වෙත පියාසර කරමින් සැපයුම් බෙදා හරිනු ලැබේ.

 

වසර හයකට පෙර ආරම්භ කරන ලද Zipline දැනටමත් එක්සත් ජනපදයේ සේවයේ යෙදී සිටින අතර, සිල්ලර දාමයේ අනෙකුත් නිෂ්පාදන මෙන්ම ඖෂධ බෙදා හැරීම සඳහා Walmart Inc. සමඟ හවුල් වී සේවයේ නිරත වේ . එය Ghana සහ Rwanda හි දැනටමත් වෛද්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදු කරයි. 

 

ජපානයේ zipline ගුවන්ගත කිරීම ජපානයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයා වන Toyota Motor Corp හි සමූහ සමාගමක් වන Toyota Tsusho සමඟ හවුල්කාරිත්වයකින් සිදු කෙරේ.

Comments