අනතුරුදායක ලෙස රිය පදවා 10 හැවිරිදි පිරිමි දරුවෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 60 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු Sapporo හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව බදාදා Nishi Ward හි මංසන්ධියේදී ප.ව 2.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර පිරිමි ළමයා බයිසිකලය පදිමින් සිටියදී Kei Kaneko විසින් පදවන ලද මෝටර් රථයේ ගැටී තිබේ. අනතුර සිදුවූ වහාම Kaneko 110 ට කතා කළද දරුවා රෝහලට රැගෙන යන විටත් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා විය .
එම මංසන්ධියේ මාර්ග සංඥා මෙන්ම හරස් මාර්ගයක් ද නොමැති බව පොලීසිය පැවසුවද ප්‍රදේශවාසීන් උපුටා දක්වමින් මාධ්‍ය විසින් කියා සිටියේ මංසන්ධියේ හතර කොනේ ඇති ගොඩනැගිලි නිසා වාහන එන අයුරු දැකීමට අපහසු බවයි.