ප්‍රමාදවී රෝහල් ගත කළ දරුවා 


අනතුරට පත් වූ දරුවා රෝහල්ගත කිරීමට ප්‍රමාද වේ

.

ජපන් නගරයේ ගිනි  නිවන දෙපාර්තමේන්තුවට අනුව අපේ‍්‍රල් 20 වැනිද සවස 4 ට පමණ 8 හැවිරිදි පිරිමි දරුවෙකු  විදී ලාම්පු නොමැති නාගරික මංසන්ධියක් හරහා තම පාපැදියෙන් ගමන් කරමින් සිටියදී වමට හැරෙමින් තිබූ සැහැල්ලු මෝටර් රථයක ගැටී තිබේ.  

 

අනතුරින් පසු ඔහු පෙරළී ගොස් ඇති අතර දණහිස් කම්පනය වි ඇත. ඉන් පසුව ගිලන් රථයක් පැමිණියද, එය නැවත පොලිස් මෝටර් රථයක දකුණු ඉදිරිපස බම්පරයේ වැදී තිබේ. 

 

ගිලන්රථ කාර්ය මණ්ඩලය වහාම පිරිමි ළමයා රෝහලට ගෙන යාමට ඉඩ දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් නිලධාරියෙකු ඔවුන්ට පැවසුවේ “හැකි නම් කරුණාකර මෙහි සිටින්න” යනුවෙනි.  කාර්ය මණ්ඩලය තවත් ගිලන් රථයක් ඉල්ලා සිටි නිසා මිනිත්තු 13 කට පසු දෙවන ගිලන් රථය පැමිණි අතර, සවස 4:39 ට පිරිමි ළමයා රෝහල් ගත කර තිබේ .

Comments