" විවිධ ලිංගික දිශානතියක් ඇති පුද්ගලයින් පිළිගැනීම වැදගත් බවත්, ඉරිදා ටෝකියෝ හි පැවැත්විමට නියමිත දේදුනු පෙළපාලියට තමා සහභාගී වන බවත්" ජපානයේ එක්සත් ජනපද තානාපති Rahm Emanuel පවසා තිබේ.
තම රටේ විවාහ සමානාත්මතාවය ප්රවර්ධනය කිරීමට කටයුතු කර ඇති තානාපතිවරයා Gays සහ Lesbians ද සමාජයේ කොටසක් ලෙස පිළිගත යුතු බව පැවසීය.
රුසියාව යුක්රේනය ආක්රමණය කිරීම සහ ආදායම් අසමානතාවය වැනි අනෙකුත් ප්රශ්නවලට ලෝකය මුහුණ දෙන බැවින්, "අපගේ ඉලක්කය සෑම කෙනෙකුටම වටිනාකමක් දැනෙන, සෑම කෙනෙකුටම තමන් ගණන් ගන්නා ලෙස හැඟෙන, ප්රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු විය හැකි බව සෑම කෙනෙකුටම හැඟෙන සමාජයක් ගොඩනැගීමයි" යනුවෙන් ඔහු පැවසීය.