න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක අවශ්‍යතාවය දැක්වූ ජපානය


න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් ලබා ගැනීම පිළිබඳව අගමැති තුමා අදහස් දක්වයි

.

ලබන මාසයේ පැවැත්වීමට නියමිතව ඇති ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයට පෙර විරුද්ධ පක්ෂ විසින් ඒකාබද්ධව සිදු කරන ලද ඉල්ලීමට අදහස් පළ කරමින් ජපාන අගමැති Fumio Kishida ඉරිදා දින පැවැති මාධ්‍ය හමුවකදී  'රටේ ආරක්ෂක හැකියාව ඉහළ නැංවීම සඳහා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් අත්පත් කර ගැනීම පිළිබඳව ප්‍රවේශම් සහගත දෘෂ්ටියකින් ' අදහස් දැක්වූ බව වාර්තා වේ .

 

"න්‍යෂ්ටික සබ්මැරීනයක් අත්පත් කර ගැනීම හොඳ අදහසක් දැයි මට එතරම් විශ්වාස නැත. නමුත් ජනතාවගේ ජීවිත සහ ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු දේ පිළිබඳව අපි සලකා බලන්නෙමු" යනුවෙන්  අනෙකුත් පක්ෂ නායකයින් සමඟ Fuji රූපවාහිනී වැඩසටහනකට පෙනී සිටිමින් Kishida කියා සිටියේය . ජපානයේ පරමාණුක බලශක්ති නීතිය යටතේ න්‍යෂ්ටික බලය යුධමය අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී මතුවන දුෂ්කරතාවය සහ නඩත්තු කටයුතු සඳහා වැයවන අධික පිරිවැය පිළිබඳව මෙහිදී ඔහු අදහස් දැක්වීය .

 

රට තුළ උද්ගතව ඇති අස්ථාවර ස්වභාවය හමුවේ ආරක්ෂාව තිර කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වල එක් පියවරක් වශයෙන් වැඩි දියුණු කළ නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා න්‍යෂ්ටික සබ්මැරීනයකට මාස ගණනක් දිය යට රැඳී සිටීමට ඇති හැකියාවේ වාසිය අවධාරණය කරමින් පක්ෂ නායකයින් පවා Kishida ගේ අදහස් දැක්වීමට එකඟ වී තිබේ

119 Views

Comments